Connect with us

පුවත්

පානදුර දකුණ පොලිස් ලොක්කාට එරෙහිව විමර්ශනයක් (වීඩියෝ)

Published

on

පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දකුණ මූලාස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පල්ලියමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවක් අතරතුර කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නිසි ලෙස කටයුතු නොකළ බවට චෝදනා කරමින් කාන්තා පොලිස් නිලධාරිනියකට අයුතු ලෙස සළකන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර, මේ සම්බන්ධයෙන් මේ වන විට දැඩි සමාජ විරෝධයක් පළ වී තිබේ.

හැඳුනුම්පත නැතැයි කියා අත්අඩංගුවට ගෙන

මේ අතර, මාධ්‍ය ක්ෂේත්‍රයේ PR වෘත්තිකයෙකු හා සත්ත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන අනූෂා ඩේවිඩ් මහත්මිය ප්‍රකාශ කරන්නේ ඊයේ (12) රාත්‍රියේදී වීථි සුනඛයන්ට ආහාර ලබාදීමට ගිය සිය සේවක මණ්ඩල සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තලංගම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය හැඳුනුම්පත ළඟ නොතිබීම හේතුවෙනි. ඩේවිඩ් මහත්මිය විසින් විනාඩි කිහිපයක් තුළ ඔහුගේ හැඳුනුම්පත පොලිසියට ඉදිරිපත් කළද ඔහුව නිදහස් කිරීමට පොලිසිය එකඟ වී නැත.

ඇය විසින් සිය නීතිඥවරයා මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සමගද මේ සම්බන්ධයෙන් පවසා ඇති නමුත් ඔවුන් සමග කතා කිරීමට පොලිසිය ප්‍රතික්ෂේප කළ බවද ඇය වැඩිදුරටත් පවසයි. ඉන්පසුව පොලිස්පතිවරයා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති – සාලිය පීරිස් මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධ කර ගැනීමට ඔවුන් සමත් වී ඇති අතර, පසුව ඩේවිඩ් මහත්මියගෙන් කටඋත්තරයක්ද ලබාගැනීමෙන් අනතුරුව ඇගේ කාර්ය මණ්ඩල සේවකයාව නිදහස් කර තිබේ.

ලැජ්ජයි!

මෙම සිද්ධීන් කිහිපයම සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති – සාලිය පීරිස් මහතා ද ෆේස්බුක් සටහනක් එක්කර තිබුණි.

“පොලිස් ම්ලේච්ඡත්වය දිගටම පවතින්නේ ඔවුන් සමඟ කටයුතු කිරීමට බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය නිසාය. මොනතරම් ලැජ්ජාවක්ද…” යැයි ඔහු පවසා තිබේ.

(වීඩියෝ : නිවුස්ෆස්ට්)

පුවත්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි

Published

on

By

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත.

2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Continue Reading

පුවත්

ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකති

Published

on

By

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. 

ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට

Published

on

By

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන දසදහසක් වෙන්කර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා මෙන්ම විද්වතුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.

පොලිස් නිලධාරීන් දෙදහසක් මෙම වසර තුළදී බඳවා ගැනීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved