Connect with us

පුවත්

Starlink මෙහෙයුම් නවතී

Published

on

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරයි.

2024 වසරේදී  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ස්පේස්එක්ස් වෙත  චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර  නිකුත් කර තිබුණි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව විදුලි සංදේශ පනතක්ද සම්මත කරනු ලැබූ අතර එහිදී වසර 28කට පසු පළමු වරට එම නීතියේ සංශෝධනයක්ද සිදු කරන ලදී.

ඒ අනුව, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ස්ථාපිත කිරීම සඳහා මඟ පෑදිම සිදු විය.

ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූයේ 2024 මාර්තු මාසයේදීය.

ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබූයේ 2024 මාර්තු මාසයේදීය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ අන්තර්ජාල සේවා ගාස්තු සැලසුම් සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

ඒ, අවමය මාසිකව රුපියල් 9,200 සිට උපරිමය රුපියල් ලක්ෂ 18 දක්වා වන පැකේජ 05කටය.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා ඇත්තේ, නීතියමය අවශ්‍යතාවයක් ඇති වුවහොත් දත්ත සහ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරන තෙක් Starlink මෙහෙයුම් මෙරට තුළ ක්‍රියාත්මක නොවනු ඇති බවය.

ඇතැම් පුද්ගලයින් විසින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා Starlink අන්තර්ජාල සේවා භාවිතා කරන අවස්ථා තිබිය හැකි බවත් එවැනි අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ දත්ත ලබා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තිබිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ.

මූලාශ්‍රය – ඩේලි මිරර්

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved