ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.