Connect with us

පුවත්

Starlink සේවාව සම්බන්ධව පළවන වාර්තා ගැන TRCSL වෙතින් නිවේදනයක්

Published

on

මෙරට ක්‍රියාත්මක වීමට නියමිත Starlink චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පැවසුවේ මෙම සේවාව ලබා දීම සඳහා අවශ්‍ය නියාමනයන් සිදු කෙරෙන Dashboard පද්ධතියක අවශ්‍යතාවයක් පවතින බවත් එම පද්ධතිය මෙරටට ගෙන්වා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් පවතින බවය.

ඒ අනුව අදාළ පද්ධතීන් මෙරටට ලැබුණු වහාම Starlink චන්ද්‍රිකා සේවාව අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

“මම වගකීමෙන් කියනවා එම ආයතනය ලබා දෙන සේවාව නවත්වන්නේ නෑ. අප්‍රේල් මාසයේදී එම සේවාව අප රටට ලබා දීමට නියමිතයි. ඒ වගේම ඔවුන් ලබා දෙන සේවාව නිවැරදිව නියාමනය කිරීම සඳහා සේවාව ලබා ගන්නා පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවාව නිවැරදිව ලබා දෙනවාද කියලා කියන එක සහ රටේ ජාතික ආරක්ෂාව නියාමනය කිරීම සඳහා ඔවුන් විසින් Dashboard එකක් ලබා දෙනවා. ඒ තුළින් අපි කාරණා දෙකම නිවැරදිව නියාමනය කිරීම සිදුකරනු ලබනවා.”

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/starlink-මෙහෙයුම්-නවතී/

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved