අද (18) මිනුවන්ගොඩ පොල්වත්ත ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී පෝද්දල ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය පවසන්නේ අගෝස්තු 24දා නුබුඩුමුල්ල ප්රදේශයේ සැලුන් ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය හා ඔක්තෝබර් 19දා යක්කලමුල්ල ප්රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවට සැකකෙරෙන බවයි.
මොවුන්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්රධාන ගෝලයින් දෙදෙනෙකු බවත් පැවසේ.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා තියුණු ආයුධයක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.