පුවත්

STF කියා උස්සන් ගිහින් වෙඩි තබා තිබූ අය මියයයි

Published

on

නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය.

පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

මෙලෙස වෙඩි ප්‍රහාරයට  ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.

මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රි කාලයේදී ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Trending

Exit mobile version