Connect with us

පුවත්

TELL IGP නව මුහුණුවරකින්

Published

on

TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම සේවාවන් එලිදැක්වීම අද (06) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්ම කරයි.

TELL IGP (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇති බව පොලීසිය පවසයි.

එසේම TELL IGP සේවාව මගින් පොලිස්පතිවරයාගේ අවධානයට සෘජුවම යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විමර්ශන සිදුනොවන පැමිණිලි සහ පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පැය 24 පුරා පැමිණිලි කල හැකිය.

එම පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර I-need සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවකදී පොලීසියට නොගොස් Online මාර්ගයෙන් අස්ථාන ගතවූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී තිබේ.

අස්ථාන ගතවු දුරකථනයක් යම් පුද්ගලයෙකු විසින් භාවිතා කරයි නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මෙම සේවාව හරහා දැනුම් දීම ද සිදුකරයි.

එසේම, මෙම සේවාවන් වෙත www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ TELL IGP හා l-need සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලීසිය පවසයි.

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved