බස්නාහිර පළාත තුළ ක්‍රියාකාරී පාතාල කල්ලි 24ක් හඳුනාගෙන ඇති බවත් ඉන් නායකයන් ලෙස ක්‍රියා කරන 12 දෙනකු මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි.
එසේම එම කල්ලි 24 තුළ සාමාජිකයන් 300 දෙනකු සිටින බවද හඳුනාගෙන ඇතැයි ඒ මහතා සඳහන් කරයි.දැනටමත් මෙම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් සතු සියලුම තොරතුරු සියලුම පොලිස් ස්ථානවලට ලබා දී ඇති බවත්, මෙම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා මෙහෙයුම් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා පවසයි.ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටින පිරිස් ගෙන්වීම රාජ්‍ය තාන්ත්‍රිකව සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය මත ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කරයි.