විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචිය නොමැති දුරකථන අලෙවිසල් සොයා පොලිසිය සමග එක්ව වැටලීම් සිදුකරමින් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම සදහන් කරයි.
මේ අයුරින් දිවයිනපුරා බලපත්‍ර ලබානොගත් වෙළඳසැල් විශාල ප්‍රමාණයක් පවතින බවත් මේ වනවිට පොලිසියේ සහය ඇතිව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබාගන්නා ලෙස දුරකථන අලෙවිකරුවන් දැනුවත් කිරීම් සිදුකරමින් පවතින බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසීය.
බලපත්‍ර ගාස්තුව වසරකට පහළොස් දාහයි!
වාර්ෂිකව නිකුත්කරන අදාළ බලපත්‍රය ලබාගැනීමට රුපියල් පහළොස්දහසක මුදලක් වැයවන බව පෙන්වාදුන් අධ්‍යක්ෂවරිය කියාසිටියේ මෙම බලපත්‍රය නොමැතිව දුරකථන හෝ දුරකථන උපාංග අලෙවි කළහොත් රුපියල් ලක්ෂයකට නොඅඩු රුපියල් මිලියනයට නොවැඩි දඩ මුදලකට සහ අවුරුදු තුනක් දක්වා සිරදඬුවමක යටත්වීමට සිදුවන බවයි.
මේ වනවිටත් බලපත්‍ර නොමැති වෙළඳසැල් පිළිබඳව පොලිසියට පැමිණිලිකර ඇති බැවින් විදුලි සංදේශ නියාමන කොමිෂමේ ලියාපදිංචිය නොමැති වයාපාරිකයකු සිටීනම් වහාම අදාළ බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.