Connect with us

පුවත්

දකුණට විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක්

Published

on

දකුණු පළාත ආශ්‍රිතව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක් පිහිටුවා තිබේ.

පොලිසිය සඳහන් කළේ, ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස එම ඒකක ක්‍රියාත්මක බවය.

මාතර කොට්ඨාශය මඟින් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදුවන විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට ක්‍රියාත්මක අතර ගාල්ල අපරාධ කොට්ඨාසය මඟින් ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිත විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට නිලධාරීන් අනියුක්ත කෙරෙන බව පොලීසිය පැවසුවේ ය.

පොලිසිය සඳහන් කළේ, මාතර අපරාධ කොට්ඨාසය අද(14) මිරිස්ස ප්‍රදේශයේදී විවෘත වන බවය.

ඒ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

නව ඒකකය විශේෂ පුහුණුව ලද නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත වන අතර විශේෂ අවි ආයුධ පුහුණුවකින් නිලධාරීන් බල ගන්වා ඇති බව පොලිසිය පවසයි.

අදාළ ඒකකයට අධි සන්නිවේදන තාක්ෂණික උපකරණ සම්බන්ධ කර ඇති අතර, හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා ද, අදාළ නිලධාරීන් පුහුණුව ලැබූවන් වේ.

මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාශය ඉතා කෙටිකාලයක් ඇතුළත අම්බලන්ගොඩදී විවෘත කිරිමට නියමිත බව ද, පොලීසිය පැවසුවේය .

පුවත්

ජාතික රෝහලේ විකිරණ පරීක්ෂණ සඳහා විකල්ප වැඩපිළිවෙළක්

Published

on

By

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත්ව ඇති නමුත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.ඒ්‍.එල් රණවීර මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙලෙස බිඳ වැටී ඇත්තේ පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකක් වන බවත් ක්‍රියාකාරි තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රයද පසුගිය සඳුදා දින අක්‍රීය වී ඇති බවය.

එම විකිරණ පරීක්ෂණ යන්ත්‍රය යථාවත් කිරීම සඳහා අදාළ සමාගමට මේ වන විට දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.

විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වන විටත් දැනුම් දී ඇති බවත් අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරිමේ කටයුතු මේ වන විට සිදුකරමින් බවතින බවත් වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙම යන්ත්‍ර අක්‍රීය තත්ත්වයට පත්වුවද රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සඳහා කඩිනමින් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ජාතික රෝහල කටයුතු කර ඇති බවත් ඒ අනුව රෝහල තුළම අනෙකුත් විකිරණ පරීක්ෂණ යන්ත්‍ර භාවිත කරමින් එම කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට කැඳවීමක්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

චීනයෙන් අමෙරිකාවට  125%ක තීරු බද්දක්

Published

on

By

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පනවන ලැබූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved