පුවත්

UGCය වෙනුවට එන කොමිසම ගැන වාර්තාවක්

Published

on

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි බවට තමා විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

“එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආයතනයක් බව පැවසිය යුතුයි,” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Trending

Exit mobile version