Connect with us

පුවත්

UGC හා VTA අහෝසි කිරීමට යෝජනාවක්

Published

on

උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අහෝසි කිරීමට ය‌ෝජනා වී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඒ වෙනුවට ස්වාධීන ‘ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවක්‘ පිහිටුවා අධ්‍යාපනය ඉහළ නැංවීම අංශ හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට තේරීම් කාරක සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව එහි සභාපති අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය විශ්වවිද්‍යාල, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අධීක්ෂණය යන අංශ යටතේ රටේ ඇති සියලුම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන එකම ප්‍රමිතියක් යටතේ අධීක්ෂණය කරමින් ලියාපදිංචිකර පවත්වා ගෙන යාමට කටයුතු කිරීමට නියමිත බවද පැවසේ.

මීට අමතරව අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවුරුදු 10දී ඉදිරිපත් වීමටත්, අපොස උසස් පෙළ විභාගය අවුරුදු 12දී අවසන් කිරීමටත්, උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ දරුවන් සඳහා පදනම් පාඨමාලා මගින් උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමටත් අවස්ථාව සලසාදීමටත්, ඒ සදහා කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශය ද දිරිමත් කර ඔවුන්ටද සහන සැලසීමට යොජනා ඉදිරිපත් කර ඇත.

මෙම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරනු ලබන අධ්‍යාපන වෘත්තීය නිපුණතා සහිත දේශපාලන සම්බන්ධතාවක් නොමැති 11කුකුගෙන් සමන්විතය.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved