Connect with us

පුවත්

UGC නව සභාපති වැඩභාර ගනියි

Published

on

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ.

ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ උපාධිය හිමිකරගෙන තිබුණි.

ඔහු සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ  අමෙරිකාවේ ඩෙට්‍රොයිට් හි Wayne State විශ්වවිද්‍යාලයෙනි.

කපිල සෙනෙවිරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි.

පුවත්

යුද හමුදා සෙබළුන්ට බස් කප්පාදුවක්!

Published

on

By

මෙතෙක් ලබා දුන් බස් සේවාව කප්පාදු කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි එම ප්‍රවාහන සේවය ලබාගත් නිලධාරීහු හා සෙබළු පවසති.

කොළඹ සිට දුර පළාත්වල ප්‍රධාන නගර වෙත මෙම සහන සේවා බස් රථ ගමන් කළේ යුද්ධය පැවැති කාලයේ සිට යැයිද යුද හමුදාවේ ඉන්ධන ඉතිරි කර ගැනීමට මේජර් ජෙනරාල්වරයෙකු ගත් තීරණයක් මත මෙම කප්පාදුව සිදුව ඇතැයි ද ඔවුහු පවසති.

මෙම බස් සේවාව සතියේ දින පහේ අලව්ව, මීරිගම, ගණේමුල්ල, ගාල්ල, මාතර කුරුණෑගල, තෙල්දෙණිය, මහනුවර, කඳුරුවෙල, මැදවච්චිය හා නාත්තන්ඩිය නගර දක්වා ලබා දී ඇතැයි කියයි.

තව ද සති අන්තයේදී මෙම සහන සේවා බස් රථ බදුල්ල, මහියංගණය, මොනරාගල හා හලාවත නගර දක්වා ගමන් ගනී.

මෙම තීන්දුව අනුව අදාළ නගර දක්වා ප්‍රවාහන සේවා ලබා දීම වෙනුවට ළඟම දුම්රිය ස්ථානය වෙත ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙමගින් තමන්ට අමතර දුම්රිය ගාස්තුවක් වැය කිරීමට සිදුවන්නේ යැයි ද මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එම නිලධාරීහු හා සෙබළු වැඩිදුරට ත් පවසති.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

විදුලි බිල වැඩිකරන්න සිදුවන බව ජනපති පවසයි (වීඩියෝ)

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බවය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවයි.

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේය.

විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත්, ඒ අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති බව ඔහු සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ සටන වැඩසටහනට එක්වෙමිනි.

වීඩියෝ – News 1st

Continue Reading

පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

Published

on

By

2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් කරන ලදී.

නිකුත් වූ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැ​බේ.

එම නිවේදනය පහත පරිදි වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved