Connect with us

පුවත්

බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

Published

on

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඇය මෙසේ අස්වන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වී දින 45ක කෙටි කාලයකට පසුවයි.

සිය ප්‍රතිපත්ති රැසක් (ආර්ථික ප්‍රථිපත්ති ඇතුළුව) ඇය විසින් අත්හැරීම හේතුවෙන් ඇයට සිය පක්ෂයේ වැඩිදෙනාගේ සහයද අහිමි විය.

ඩවුනින් ස්ට්‍රීට් හි අගමැති නිල නිවස ඉදිරිපිට කෙටි කථාවක් කළ ඇය පවසුවේ, “කොන්සර්වේටිව් පක්ෂය විසින් තමාව  තෝරාපත් කරන ලද ජනවරම තමාට කැපවී කටයුතු කිරීමට අපොහොසත් වූ බවට,” තමා පිළිගන්නා බවයි.

ලබන සතියේදී සම්පූර්ණ වීමට නියමිත කොන්සවටිව් පක්ෂයේ නායකත්ව තරගයකින් එම පක්ෂයේ නව නායකයා තේරී පත්වනු ඇති බවත්, නව නායකයෙක් පත් වන තෙක් තමා මෙම ධූරයේ රැඳී සිටින බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

ලිට්‍රෝ මිල සංශෝධනයක්

Published

on

By

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා විසින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව, මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

Continue Reading

පුවත්

සාපෙළ අපේක්ෂකයන් වෙනුවෙන් හෙටත් විවෘත රජයේ කාර්යාල

Published

on

By

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් , විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවත්

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය http://www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප )

Continue Reading

පුවත්

Alipay ගිනුම් ජාවාරමක් !

Published

on

By

මෙරට සිටින විදේශ ගමන් බලපත්‍ර සහිත පුද්ගලයන්ට රුපියල් 3500/- ක මුදලක් ලබා දෙමින් අලිපේ (Alipay) ගිනුම් සකස්කරගෙන ඒවායේ මුරපද ද සහිතව මිලදී ගන්නා සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

අදාළ කල්ලිය කුමන ආකාරයේ අපරාධ සඳහා මෙම ගිනුම් යොදා ගන්නේද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

කෙසේවුවද, පසුගිය කාලයේදී මෙරට බැංකුවලින් ඔන්ලයින් සේවාවන් ඔස්සේ මුදල් වංචාවන් සිදු කරීම සම්බන්ධයෙන්ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරමින් තිබේ.

මේ අතර, පසුගිය අප්‍රේල් 26 වැනිදා පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් සතියක පමණ කාලයක සිට ක්‍රියාත්මක බව හෙළි කළේය.

සබැඳි පුවත්:
සුවිශාල ඔන්ලයින් ගනුදෙනු වංචාවක් 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved