Connect with us

පුවත්

ඇමෙරිකාවෙන් මෙරට රෝහල් වලට වෛද්‍ය උපකරණ

Published

on

රට පුරා ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට උපකාර කිරීම සඳහා එ.ජ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ලබාදීම අද (17) දින පානදුර මූලික රෝහලේදී සිදු වූ අතර ජුලී චංග් තානාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවීමෙන් පසුව ඒ සඳහා සහභාගි වූවාය.

රට පුරා රෝහල් සහ සායනවල සේවාවන්ට උපකාරී වනු ඇති මේ උපකරණ අතරට ඊසීජී යන්ත්‍ර, මල්ටිපැරා මොනිටර්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක්, ස්පයිනල් බෝර්ඩ්, ඉන්ෆියුශන් පොම්ප සහ ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු තවත් වෛද්‍ය උපකරණ ඇතුළත් ය.

රෝහලේදී චංග් තානාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහ මෙම උපකරණවලින් ප්‍රතිලාභ ලබන වාට්ටුවල සිටින වෛද්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්යමණ්ඩලය හමු වූවාය.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිනිය මෙසේ අදහස් දැක්වූවාය :

“එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම හරහා පෙන්නුම් කෙරෙන්නේ අභියෝගාත්මක කාලයකට මුහුණ දෙන අපේ මිතුරා සහ හවුල්කරු වන ශ්‍රී ලංකාව කෙරෙහි අපේ ඇති සහයෝගයයි. මේ භාණ්ඩ, එනම්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක් නොමැති රෝහලකට ලබාදෙන එම යන්ත්‍රය, තවත් රෝහලක මාරු කළයුතුව තිබෙන රුධිර පීඩන යන්ත්‍ර සඳහා අළුත් ඒවා ලබාදීම හරහා, රටපුරා සිටින වීරයින් වන වෛද්‍ය සේවා සපයන්නන්ට ශ්‍රී ලාංකිකයින් වෙත තවතවත් ජීවිත බේරාගන්නා වෛද්‍ය සේවා සැපයීමට හැකියාව ලබාදෙනු ඇති.”

පුවත්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි

Published

on

By

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත.

2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Continue Reading

පුවත්

ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකති

Published

on

By

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. 

ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට

Published

on

By

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන දසදහසක් වෙන්කර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා මෙන්ම විද්වතුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.

පොලිස් නිලධාරීන් දෙදහසක් මෙම වසර තුළදී බඳවා ගැනීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved