Connect with us

පුවත්

USAID අරමුදල් යටතේ සරුකළ සහල් මෙට්‍රික් ටොන් 600ක් ලංකාවට

Published

on

ශ්‍රී ලංකා රජයෙන් ජාතික මට්ටමින් සිදුකෙරෙන පාසල්වලට ආහාර වේල් ලබාදීමේ වැඩසටහනට සහයවීම පිණිස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ නියෝජිතායතනයෙන් (USAID) අරමුදල් ලබා ශ්‍රී ලංකාවට ගෙන එන සරුකළ සහල් (fortified rice) මෙට්‍රික් ටොන් 600ක්, පළමු සහල් තොගය වශයෙන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

මෙම සහල් තොගය, USAID සහ WFP විසින් ලබාදෙන වඩාත් පුළුල් සහනාධාර මුලපිරීමක එක් කොටසක් වන අතර, ඊට සරුකළ සහල් මෙට්‍රික් ටොන් 3950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1188, සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2310ක්  ඇතුළත් වේ. මෙම ආධාරය පාසැල් දරුවන් මිලියන 1.7ක් සහ ගර්භණී හා කිරිදෙන මවුන් 300,000ක් වෙත පාසැල් ආහාරවේල් සහ අතිරේක පෝෂණය ලබාදීමට ඉවහල් වනු ඇත.

“මේ වසරේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව 75 වසරක මිත්‍රත්වයක් සමරනවා, අපේ මේ කථාන්දරය මිත්‍රත්වයේ සහ හවුල්කාරීත්වයේ කථාන්දරයක්,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සඳහන් කළාය.”ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින් සහ මවුවරුන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයින්ට පෝෂ්‍යදායී ආහාර වෙත ප්‍රවේශවීමේ දුෂ්කරතා ඇති වූ විට ඇමරිකානු ජනතාව නොපමාව ඊට ප්‍රතිචාර දැක්වූවා. මේ ආහාර ද්‍රව්‍ය තොගයෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි අපේ ඇති අඛණ්ඩ කැපවීමයි.”

ගතවූ වර්ෂය තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 270 ඉක්මවන ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අළුතින් ලබාදෙන සහය වශයෙන් නිවේදනය කර තිබේ. “ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංවර්ධන හවුල්කරුවකු වශයෙන් අපි වයසින් අඩු අයට දිනපතා අත්‍යාවශ්‍ය ක්ෂුද්‍රපෝෂක ලබාගැනීමේ  වැදගත්කම තදින්ම පිළිගන්නවා. එනිසා, ළමා සහ මාතෘ පෝෂණ වැඩසටහන් දැනට දශක හයකට කලින් USAID විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ මුල්ම ආධාර මැදිහත්වීම්වල කොටසක් වූවා.” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි USAID ධූතමෙහෙවර අධ්‍යක්ෂ ගේබ්‍රියෙන් ග්‍රෞ මහතා පැවසීය.

“වඩාත්ම ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ප්‍රජාවන් වෙත WFP හි හදිසි අවස්ථා මෙහෙයුම් කඩිනමින් ළඟා කරවීමට ඉඩ සලසමින් USAID විසින් ලබාදුන් මෙම ආධාරය අපි බෙහෙවින් අගය කරනවා,” යනුවෙන් WFP හි ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්‍යක්ෂ අබ්දුර් රහිම් සිදිකි මහතා ප්‍රකාශ කළේය. “තමන්ගේ පවුල්වලට සෞඛ්‍යසම්පන්න ආහාරවේල් සපයාදීමට වෙර දරන මවුපියන්ට සහනයක් වෙමින්, යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කරමින් අමතර පෝෂණයක් ළමුන් වෙත ලබාදෙන පාසැල් ආහාර වේල් වැඩසටහන අඛණ්ඩව කරගෙන යෑම සඳහා USAID අරමුදලෙන් ලැබෙන මේ නවතම සරුකළ සහල් තොගය සහය වේවි.”

ශක්තිය, ප්‍රෝටීන් සහ ක්ෂුද්‍ර පෝෂක සංයෝගයක් සහිතව ‘කෑමට සූදානම්’ ආහාරයක් ලෙස නිපදවෙන ශ්‍රී ලංකාවේ පෝෂණ මැදිහත්වීමක් වන ත්‍රිපෝෂ ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ලැබෙනු ඇත.

මෙම මුලපිරීම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ආර්ථික සමෘද්ධිය සහ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ එක් අංගයකි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ භෝග සහ ආහාර සුරක්ෂිතතා ඇගැයුම් මෙහෙවරෙහි වාර්තාවක ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහක් වර්තමානයේ දී ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටින බව සඳහන් වේ. දැනට ක්‍රියාත්මක වැඩසටහන් මෙන්ම නව අරමුදල් සහ ආහාර තොග ලබාදීම හරහා එම අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයත්, ලෝක ආහාර සංවිධානයත්, අනෙකුත් හවුල්කරුවනුත් සමගින් කටයුතු කරමින් සිටියි.

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading

පුවත්

බහාලුම් නිදහස් කිරීමේ කේස් එකට රේගු අධ්‍යක්ෂ ජනරාල් කොටු වෙයි?

Published

on

By

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ බහලු‍ම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියා කර බහලු‍ම් මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ සමඟ ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව ද සභාගත කරනු ලැබීය. එම වාර්තාව අනුව නිදහස් කරන ලද බහලු‍ම් සංඛ්‍යාව 323 ක් නොව 309 කි. එයින් බහලු‍ම් 151 ක් රතු ලේබල යටතේ ඉදිරිපත් වුවද එයින් 37 ක් විධිමත් නීතිමය ලෙස පරීක්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම තීරණය ගැනීමට පෙර බහලු‍ම් 2 කලින්ම නිදහස් කර යවා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පවත්නා රේගු නීතිය අනුව රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කළ යුත්තේ භෞතික පරීක්ෂාවකින් සහ ස්කෑන් පරීක්ෂාවකින් පසුව බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල ජූලි 15ට කලින්

Published

on

By

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි.

ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved