පුවත්

USAID වෙතින් ලංකාවේ සංවර්ධනයට තවත් ඩොලර් මිලියන 19ක්

Published

on

ශ්‍රී ලංකාවට තවදුරටත් සංවර්ධනය සඳහා සහයවීමට අමතර අරමුදල් ඇ. ඩොලර් මිලියන 19 ඉක්මවන මුදලක් ලබාදෙන බව ඇමෙරිකාව නිවේදනය කරයි.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එ.ජ. නියෝජිතායතනය (USAID) සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් සංවර්ධන අභිප්‍රාය ප්‍රදාන ගිවිසුමක් හරහා මෙම ඇ.ඩොලර් මිලියන 19.23ක (රු. බිලියන 6.2) මුදල ලබාදීමට එකඟ වී තිබේ. 

මෙම සංවර්ධන ආධාර මුදල රටේ ආර්ථික වර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාකාරකම් සඳහා උපකාර කරනු ඇත. එමගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව සමගින් ඇති හවුල්කාරීත්වයට සහ ජනතාව අතර කල්පවත්නා සබඳතා ගොඩනැංවීමට එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීමයි.

USAID ධූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රෞ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ, භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහභාගී වූ උත්සවයක දී අද (20) දින මෙම ගිවිසුම අත්සන් තබන ලදී.

“USAID පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිව් යෝක් නගරයේදී සාකච්ඡා කළාක් මෙන්, ශ්‍රී ලංකාව සමගින් ඇති හවුල්කාරීත්වයට එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීම සහ, අවස්ථාවලින් සපිරුනු මේ අද්විතීය රටේ ජනතාවට අප ලබාදෙන නොවෙනස් සහයෝගය පෙන්නුම් කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි USAID ධුතමණ්ඩල ප්‍රධානි ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා සඳහන් කළේය. “මේ අරමුදල් සමගින් අපි දිගින් දිගටම ශ්‍රී ලංකා රජය සමගින් වැඩ කරමින් රටේ ආර්ථික වර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වැඩිදියුණු කිරීමටත් අවදානමට ලක්විය හැකි ජනතාව වෙනුවෙන් හඬ නැගීමටත් කටයුතු කරනවා.”

“එක්සත් ජනපද රජයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන මේ සමීප සහයෝගීතාවය සහ හිතවත් හවුල්කාරීත්වයත් උපකාරත් ශ්‍රී ලාංකික ජනතාව අගය කරනවා,” යනුවෙන් සිරිවර්ධන ලේකම්තුමා සඳහන් කළේය.  “මේ ප්‍රදානය ප්‍රජාතන්ත්‍රවාදී, සෞභාග්‍යමත් සහ ඔරොත්තුදෙනසුළු ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට රජයෙන් දරන උත්සාහය තවත් ශක්තිමත් කරාවි.”

1956 සිට එක්සත් ජනපදය ඇ. ඩොලර් බිලියන 2 (රු. බිලියන 720ට ආසන්න මුදලක්) ඉක්මවන ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව මේ බව දැක්වෙන ඇමෙරිකානු තානාපති කාර්යාල නිවේදනයක දැක්වේ.

Trending

Exit mobile version