Connect with us

පුවත්

 VAT වදින නොවදින බඩු මෙන්න

Published

on

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය.

එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිවිය.

වැට් නොවදින බඩු ලැයිස්තුව

අද සම්මත කළ කෙටුම්පතත් සමග වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේ.

විදුලිය සහ විදුලි බෙදාහැරීම්, බොර තෙල්, භූමිතෙල්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ වැට් බද්දෙන් නිදහස්කර තිබේ.

එමෙන්ම රෝද පුටු, කිහිලිකරු, කෘත්‍රීම අත් පා සහ ශ්‍රවණාධාර උපකරණද වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ යටතට අයත් වෙයි.

රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් රෝහල් සත්කාරක සේවා, රසායනික පොහොර හැර අනෙකුත් පොහොර වර්ග මෙන්ම අත් යන්ත්‍ර රෙදිපිළිද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

එමෙන්ම කුලී රථ හා සංචාරක ප්‍රවාහන රථ හැර අනෙකුත් පොදු ප්‍රවාහන සේවා සහ මූල්‍ය සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් වෙයි.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

වැට් වදින බඩු ලයිස්තුව

මේ අතර, 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත.

මේ අතර රසායනික පොහොරද වැට් අයකෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

පුවත්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

Published

on

By

පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ජූලි 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දී තිබුණි.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අලුත උපන් බිළිදෙකු වෙල්‍‍යායකින් හමුවෙයි

Published

on

By

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම දරුවා දැකීමෙන් අනතුරුව මාවතගම පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ මෙම දරුවා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් නියෝගයක්

Published

on

By

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදීකරණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණි.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 (අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved