පුවත්

VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

Published

on

එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9වනදා පැවැත් වූ අතර, එහි කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.

Trending

Exit mobile version