Connect with us

පුවත්

WTC එකේ සිට මහා ජාවාරමක් කළ සොල්දාදුවෙක් අත්අඩංගුවට

Published

on

පලතුරු පිටරට යවන ආයතනයක මුවාවෙන් රුපියල් කෝටි හයක් පමණ වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට ජාවාරමක් මෙහෙයවූ හිටපු හමුදා සෙබළකු කටාන පොලිසිය මගින් පෙරේදා (27 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඇග්‍රෝ ලංකා නමින් ව්‍යාපාරික ආයතනයක මුවාවෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලය මගින් හමුදාවේ ඉහළ නිලධාරින්ගේ සිට සියලුම නිලයන්වල අයද මුදල් ආයෝජනය කර ඇතැයි හෙළි වී ඇත.

සැකකරු 2019 දී යුද හමුදා සේවයේ සිටියදීම ටයිකෝට් පැලඳ ආයතන ප්‍රධානියකු ලෙස මුදල් ආයෝජනය කිරීම සඳහා යුද හමුදාවේ මෙන්ම වෙනත් අංශවල පිරිස්ද බඳවාගෙන තිබේ.

මෙම සැකකරු යුද හමුදාවේ ඉහළ නිලධාරින්ට පමණක් ආයෝජනය කළ මුද්ලවලට සියයට හත බැගින් පොලිය ගෙවා ඇතැයිද හෙළි වී ඇත.

සැකකරු 2020 දී හමුදාව අතහැර ගොස් 2023 දක්වා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ. මොහු විසින් පලතුරු අපනයනය කිරීමට අමතරව ලෝක වෙළෙඳපොළේ ආයෝජනය කරන බවද පවසා මුදල් එකතු කර ඇත.

මොහු විසින් රටපුරා වැඩමුළු පවත්වමින් ආයෝජකයන් ලෙස විවිධ තරාතිරමේ අය බඳවාගෙන ඇතැයි හෙළි වී තිබේ. ගුරුවරියකට රුපියල් ලක්ෂ දහයක් වංචාකර ඇත.

මොහු විසින් ගනුදෙනුකරුවන්ගෙන් ගත් මුදල්ම ආයෝජනය කළ පුද්ගලයන්ට පොලිය ලෙස ගෙවා ඇතැයි හෙළි වී ඇත.

මෙම සැකකරු කදිරාන ප්‍රදේශයේ රැඳී සිටින බවට කටාන පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ලක්ෂ 11 ක් වංචා කිරීම ගැන කටාන පොලිසියට පැමිණිලි ලැබී ඇත.

බකමූණ, ගල්ලෑව පදිංචි ආලෝක සම්පත් (41) නමැති සැකකාර සෙබළා කාලතුවක්කු රෙජිමේන්තුවේ සිට පලාගිය අයෙකි.

කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහගේ උපදෙස් මත මෙම සැකරකුට එරෙහිව ඇති පැමිණිලි සොයා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පණිවුඩ යැවීමෙන් පසු ඊයේ (28 වැනිදා) වන විට ඇඹිලිපිටිය, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇත.

(අරුණ)

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved