Connect with us

පුවත්

ඉන්දියාවට පැනගිය කංජිපානි ප්‍රංශයෙන් දේශපාලන රැකවරණ අරගෙන

Published

on

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මතද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බව කියන කංජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබේ.

මෙරට පාතාල නායකයකුට විදේශයකදී දේශපාලන රැකවරන ලැබුණු පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

කංජිපානි ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරන ලද ලයිස්තුවේද සිටින අයෙකි.

පාතාල මර්ධන කටයුතුවල නිරත පොලිස් කණ්ඩායමක් කංජිපානි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රාජ්‍යට පැනගොස් එහි සඟව සිටිමින් එහි සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලය හා පාතාල කටයුතු මෙහෙයවූ බව පැවසේ.

වසර 2019 පෙබරවාරි මාසයේදී දී තවත් පාතාල නායකයකු වන මාකඳුරේ මදුෂ් ඩුබායිහි තරු හෝටලයක සිය දරුවකුගේ උපන්දින සාදයක් පවත්වමින් සිටියදී ඩුබායි පොලිසිය විසින් මධුෂ් කංජිපානි ඇතුළු 31ක් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔවුන් ලංකාවට පිටුවහල් කළ අතර එසේ පැමිණි පිරිස රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය.

කෙසේවුවද, මාකඳුරේ මධුෂ් පැනයාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩිපහරින් මියගිය බව පොලිසිය නිවේදනය කර තිබිණි.

මේ අතර, අධිකරණයන් ඇප ලබාගත් කංජිපානි 2022දී මන්නාරමට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා‍ගොස් තිබිණි.

මේ සඳහා ඉන්දීය රෝ ඔත්තු සේවයේ සහය ලැබුණු බවට ද එකළ මාධ්‍ය වාර්තා පලව තිබිණි.

පසුව ඔහු ප්‍රංශයට පැනගොස් ‍ එරට දේශපාලන රැකවරණ ලබාගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, කංජිපානිගේ බිරිය මේවන විට සිටින්නේ ඩුබායි රටේ බවට ද ආරංචි පැතිර තිබේ.

එසේම ඔහුගේ මුදල් පාලනයට ඉමිතියාස් නැමැත්තෙකු පත්කර ඇතැයි ද පැවසේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved