Connect with us

පුවත්

බන්දුලගෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක්

Published

on

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

හැටන් දුම්රිය ස්ථනය සතු භූමියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්තුමේන්තුවේ අදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මීට පස්සේ දුම්රිය වර්ජන නෑ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් ඒක සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. ලංකාවේ නීතියට ගරු නොකිරිම මත රටේ නීතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ, දුම්රියන් නිරතන්තරයෙන් පීලි පැනීම සම්බන්ධයෙන් නිලධාරින්ට කරන්න දෙයක් නෑ, දුම්රිය දෙපාර්තුමේන්තුව කාලයක් තිස්සේ අලාභ ලබනවා, පවතින ආර්ථික අර්බුධයත් එක්ක.දුම්රියන්, දුම්රිය පීලි ඇතුළු දේවල් අරගෙන තියෙන්නේ දේශිය සහ විදේශිය ණය අරගෙන, ගත්ත ණය ගෙවන්නේ නැතුව ණය දෙන්නේ නැ.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved