Connect with us

පුවත්

මහ බැංකුවේ නිල සංචිත වත්කම් ඉහළට

Published

on

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබේ.

2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසිනි.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී තිබේ.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

(අරුණ)

පුවත්

“ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ”

Published

on

By

පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් පමණක් අඩුවී තිබීම නිසා කිලෝමීටරයකට ශත 50 ක් අඩු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කිතුල් – පොල් – තල් කර්මාන්තයේ නියුතු අයට ජීවිත රක්ෂණ ක්‍රමයක්

Published

on

By

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි ක්‍රියාත්මක වන ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

එම මණ්ඩලයට අනුව මෙම යෝජනා ක්‍රමය යටතේ රු. 500,000 රු. 1,000,000 හා රු. 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවේ.

එමෙන්ම තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය පවසයි.

රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර ඇත.

Continue Reading

පුවත්

පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න “පැලැස්ස” ඇරඹයි 

Published

on

By

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාවට නැංවිණි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. 

මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට 
ජනතාවට අවස්ථාව උදා වේ. 

මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතය. 

ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක් වූ අතර ඒ මහතා සඳහන් කළේ ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.

ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ) වෛද්‍ය මොනිකා විජේරත්න යන මහත්ම මහත්මීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)
2025-04-01

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved