Connect with us

පුවත්

සම්පත් බැංකුවේ මහ වංචාවකට ලොක්කෝ 5කට රටයාම අධිකරණය තහනම් කරයි

Published

on

සම්පත් බංකුවේ තැන්පත්කරුවන්ගේ මහ පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පුළුල් පරීක්ෂණයට අනුව එම බැංකුවේ නිලධාරීන් පස්දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දන්වා සිටියේ අදාළ නිළධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

එසේම, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ ‌ණය නිලධාරියා ලෙස කටයුතු කළ සචික අල්විස් නැමැත්තා ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරණ ලෙසද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ‌ේය.

මේ අතර, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ කළමනාකාරිය ලෙස කටයුතු කළ අංක 139, බංගලාවත්ත, කොට්ටාව පන්නිපිටිය යන ස්ථානයේ පදිංචිව සිටි තනුජා මුතුකුමාරණ නැමැත්තිය මේවන විට රටින් පැනගොස් ඇතැයි ද ‌හෙළිව තිබේ.

අංක 40, ජයසිංහගම, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ නිය‌ෝජ්‍ය කළමනාකරු ලක්නා ජයසේකර, අංක 15/1, වරාගොඩ වත්ත, වරාගොඩ, කැලණිය පදිංචි සම්පත් බැංකුවේ ණය ආපසු අයකර ගැනීමේ ජ්‍ය‌ෙෂ්ඨ කළමනාකරු අරුණ ජිනදාස, අංක 268/3/එන් 12වන පටුමග, රත්නාරාම පාර, හෝකන්දර උතුර යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු ගයානි විදානපතිරණගේ, අංක 193/ඒ/1, පැපිලිවල පාර. බ්‍රාග්මනගම, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ ණය නිලධාරී හිරන්ත කොඩිකාර යන අයට මෙසේ විදේස්ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කර ඇත.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා දැක්වූ කරණු ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයෙකු වන කැළුම් හර්ෂ වීරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය සිදුකරනු ලබයි.

සබැඳි පුවත්:

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved