Connect with us

ඡායාරූප සටහන

ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනේ (වීඩියෝ / ඡායා)

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මේ අතර, ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ සිදුවිය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.

ඒ අනුව :

01- විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

02- ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

03- ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

04- -ආරක්ෂක සහයෝගීතාව පිළිබ‍ඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

05- ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

06- ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

07- නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

ඉන් අනතුරුව දෙරට නායකයන් විසින් ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම් ද සිදුකෙරුණි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමයට සිදු විය.

(වීඩියෝ : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

“සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Published

on

By

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (14) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් සභාවක ඒ ජනතාව, ඒ නගර සභාව බාරදෙන්න ඕනේ කියලා කල්පනා කරන ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියලා තෝරා ගන්නා ලද ව්‍යාපාර තියෙනවා. 

ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න. 

දැන් කට්ටිය කියනවා අපේ ජනවරම ශූන්‍ය වෙලා ලු. මම ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දයක් පාර්ලිමේන්තු ඡන්දයට දාලා ගණන් හැදුවත් 122ක් තියෙනවා. කොහේද ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. එතැන තමා ජනවරම තියෙන්නේ. ඒ නිසා ජනවරමට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. 

ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන්ම අපි වැඩකරන්න ලෑස්තියි. හදලා පුළුවන් නම් මාස තුනක් හතරක් යන්න. එච්චරයි කියන්නේ. නීතිය මදිනම් තුනෙන් දෙකක් තියෙනවා. 

සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Continue Reading

ඡායාරූප සටහන

කාදිනල් රංජිත් හිමිපාණන් ලියෝ පාප් වහන්සේ හමුවෙයි (ඡායා)

Published

on

By

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අභිනවයෙන් තේරී පත් වුණු 14 වන ලියෝ පාප්වහන්සේ , මුණ ගැසී තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ සුහද කතා බහක නිරත වී තිබූ අතර එම අවස්ථාවේ ඡායාරූප කොළඹ අගරදගුරු පදවියේ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කොට තිබුණි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව පැවත්වුණු නව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේද සහභාගී වූහ.

එහිදී, දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමකින් අනතුරුව නව පාප් වහන්සේ ලෙස අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් තේරී පත් වුණා.
69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට් 267 වන පාප් වහන්සේ බවට පත්වූ අතර ඔහු 14 වන ලියෝ ලෙස හඳුන්වනු ලැබේ.

මිෂනාරීවරයෙකු ලෙස වසර ගණනාවක් ගත කර ඇති රොබට් ප්‍රොවොස්ට් හිමිපාණන්, පේරුහි අගරදගුරු පදවියද දරා තිබේ

(ඡායා :  FB page of News – Archdiocese of Colombo)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved