Connect with us

ක්‍රීඩා

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ලංකාව‍ට! (ඡායා)

Published

on

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. 

මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පපත්විය.  

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.

හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ආවාය.

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165
(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)

ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167
(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)

ජායාරූප – ක්‍රික්ඉන්ෆෝ

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved