Connect with us

ඡායාරූප සටහන

මහනුවර ඓතිහාසික උඩරට රජ මාළිගාව යළි විවෘත වේ

Published

on

මහනුවර, ශ්‍රී ලංකාව: 2024, දෙසැම්බර් 11 – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ශ්‍රී දළදා මාලිගා සංකීර්ණය තුළ පිහිටි, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය යළි විවෘත කිරීමේ උත්සවය  පසුගිය 11දා  සැමරුණි.

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපතිනි ජුලී චංග් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) වෙතින් ලද ඇමරිකානු ඩොලර් 265,000 (රුපියල් මිලියන 77 කට අධික) ප්‍රදානයක් හරහා මෙම වැදගත් සංස්කෘතික සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවිය.

2021 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කරන ලදී. පළමු අදියරේදී රජ මාලිගයේ ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීම සහ ආබාධ සහිත අමුත්තන් සඳහා ප්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. දෙවන අදියර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ පහසුකම් වැඩිදියුණු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් නරඹන්නන් සඳහා වඩාත් ආකර්ෂණීය සහ අධ්‍යාපනික අත්දැකීමක් ලැබෙන පරිදි නිර්මාණය කරන ලදී .

උත්සවයේ දී, චංග් තානාපතිතුමිය සංස්කෘතික සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින්, “පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින  ප්‍රබල හවුල්කාරිත්වය පිළිබඳ සාක්ෂියක් වනවා. මෙවැනි මුලපිරීම් හරහා අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කරනවා පමණක් නොව එහි ඉතිහාසය සහ සම්ප්‍රදායන් ලොවට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කරමු. මෙම කෞතුකාගාරය  සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට සහාය වන අතරම,ශ්‍රී ලාංකිකයින්ට සහ ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන  අමුත්තන්ට රටේ ගැඹුරු ඉතිහාසය ගවේෂණය කිරීමට, ඒ පිලිබඳ අවබෝධය ලබන්නට සහ එහි අගය වර්ධනය කරන්නට හැකි  පිවිසුම් දොරටුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ උරුමය සමරන සහ එහි ආර්ථික හා සංස්කෘතික ප්‍රබෝධයට දායක වන ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිමු.”

“සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල හරහා එක්සත් ජනපදයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය උඩරට රජුගේ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය මහජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි සහ ආකර්ශනීය අයුරින් සකස් කර තිබේ ” යැයි අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි පැවසීය. “ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීමෙන් සහ කෞතුකාගාරයේ ප්‍රදර්ශන තත්වයන් ඉහළ  නංවාලීමෙන්, ආබාධ සහිත අය ඇතුළුව අමුත්තන්ට ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සමඟ අර්ථවත් ආකාරයෙන් සම්බන්ධ විය හැකි බව අපි සහතික කර ඇත්තෙමු. මෙම සහයෝගීතාවය අපගේ ඉතිහාසය ආරක්ෂා කරනවා පමණක් නොව අධ්‍යාපනයට සහ ඇගයීමට අවකාශයක් නිර්මාණය කරමින් අපගේ සංස්කෘතික අනන්‍යතාවය ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝකයට ප්‍රදර්ශනය කරයි.”

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි හැට්න්බාක් මහත්මිය,සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල (AFCP), ගෝලීය වශයෙන් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන වැදගත් මෙවලමක් ලෙස අවධාරණය කලාය. “සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල (AFCP) හරහා උඩරට රජුගේ මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකදියුණුව ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමට ඇති අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියකි. දේශීය හා ගෝලීය වශයෙන් පැමිණෙන අමුත්තන්ට, මහනුවර රාජධානියේ පොහොසත් ඉතිහාසය සහ උරුමය පිළිබඳ වඩාත් ගැඹුරු සහ අර්ථවත් අත්දැකීමක් ලබා දෙමින් මෙම භුමිය සංරක්ෂණ කටයුතු මගින් වැඩිදියුණු කර ඇත.”

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved