Connect with us

ඡායාරූප සටහන

යුවාන් ජියාජුන් – ජනපති හමුවේ

Published

on

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිසව දැනුවත් කළ අතර රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ  පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය.

එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කළ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳව ද විශ්වාසය පළ කළහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි  සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ඉන්දියාවේ ලඩාක් අගනුවර ඉදිවූ ධර්මපාල පිළිරුව

Published

on

By

බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.

ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ප්‍රතිමාව ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා (සැප්.30) ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ලඩාක් ජාත්‍යන්තර මහාබෝධි මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය සංඝසේනා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරින.
ලඩාක් හි පිහිටි මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ  පිහිටුවන ලද බුද්ධ උද්‍යානයේ   ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබ ඇත.

මෙහි දී බානගල උපතිස්ස නා හිමියන්ට ලඩාක් මහා බෞද්ධ  විහාරයේ සහ ලඩාක් මහබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඉහලම ගෞරව උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් ද එම පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි, ලඩාක් මහාආරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය රිම්පෝචේ හිමි,ඉන්දීය මහාබෝධි සංගමයේ හිටපු මහ ලේකම් සාරානාත් විහාරාධිපති අතිපූජ්‍ය දොඩම්ගොඩ රේවත හිමි, බැංගලෝර් මහාබෝධි මධ්‍යස්ථානයේ  පූජ්‍ය ආනන්ද හිමි, යන ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

ගාන්ධි ජයන්තිය කොළඹ දී සැමරේ

Published

on

By

මහත්මා ගාන්ධිතුමාගේ 155 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 ඔක්තෝබර් 02 වන දින උදෑසන කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහත්මා ගාන්ධිතුමාගේඋඩුකයපිළිරුවටමල්මාලා පළඳා උපහාර පුද කළහ. මෙම උත්සවයෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු විය.

මෙම උඩුකය පිළිරුව මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් 2019 වසරේදී තිළිණ කරන ලද්දකි. මහත්මා ගාන්ධිතුමා භාවනාමය ඉරියව්වකින් දැක්වෙන අඟල් 42ක් උස තඹ පිළිරුව පද්ම භූෂණ් සම්මානලාභී රාම් වංජි සුතර් මහතා විසින් නිර්මාණය කර ඇත. ලොව උසම තඹ පිළිරුව වන ගුජරාටයේ කේවඩියා හි සර්දාර් වල්ලභායි පටෙල්තුමාගේ පිළිරුව නිමවා ඇත්තේ ද සුතර් මහතා විසිනි.

ශ්‍රී ලංකා ඉන්දීය සමාජය (SLIS) විසින් කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික
මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන ගාන්ධි දේශනයක් අද පස්වරුවේ පැවැත්වෙනු ඇත.⁣ මෙමදේශනයඉන්දියාවේහිටපුශ්‍රීලංකාමහකොමසාරිස්ඔස්ටින්ප්‍රනාන්දුමහතාවිසින්   සිදුකරනුඇත.

ගාන්ධිජයන්තිය නිමිත්තෙන් SLIS විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහන මහත්මා ගාන්ධිතුමාගේ සර්වකාලීන ඉගැන්වීම් සහ වත්මන්
ලෝකයට ඒවායේ අඛණ්ඩ අදාළත්වය පිළිඹිබු කරන වේදිකාවක් ලෙස මහඟු මෙහෙවරක් ඉටු කර ඇත.

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති

Published

on

By

25 වැනි වරට කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ” සඳහා අද (28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූයේය.

දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ කෙටි පිළිසඳරකද නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved