Connect with us

ඡායාරූප සටහන

රාමායණ පුවතට පුනර්ජීවයක් (ඡායා)

Published

on

ඉන්දු –  ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමේ අඩිතාලම නිර්මාණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායණ මංපෙත්) නිල ආරම්භය ඊයේ (21) සිදුවිය.

ලොව අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමඟින් ආරම්භ වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දීර්ඝ කාලයක් පුරාවට පවත්නා අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතාවේ මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරනා නව ව්‍යාපෘතියකි.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,  ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජාහ් මහතා පවසා සිටියේ සංචාරක ප්‍රවර්ධනය යනු මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ වැදගත් මූලාශ්‍රයක් බවත්, රාමායන් ට්‍රේල්ස් ප්‍රවර්ධනය ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගැන සඳහන් ඓතිහාසික රාමායණය කතා පුවත හා සම්බන්ධිත ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් ජාත්‍යන්තරය කරා ගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අභිමතාර්ථයකි.

මෙම ස්ථාන හුදෙක් පුරාණ ගොඩනැගිලි ලෙස පමණක් නොව නවීනතම තාක්ෂණය (AI) සමඟ සජීවීකරණය කල සිද්ධීන් ලෙස ප්‍රේක්ෂකයාට දැක ගැනීමේ හැකියාව ලැබේ. 

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා තෝරාගෙන ඇති සෑම ස්ථානයක්ම රාමායණය කතා පුවත හා සබැඳි ඓතිහාසික වටිනාකම් රැඳි ස්ථානයන් 09කි.

එමෙන්ම මේ ව්‍යාපෘතිය සමඟින් ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමත්, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීමත් අරමුණු වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟින්, ප්‍රබල කලාපීය ආයෝජකයින් සමඟ එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය දිගුකාලීන සිහිනයක් සැබෑ කර ගැනීමේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ.

අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ‘ශ්‍රී රාමායණ මංපෙත්’ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීමේ අවස්ථාවක් ද වනු ඇත.

ඡායාරූප සටහන

දුම්රිය ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ(ඡායා)

Published

on

By

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) හදිසියේ කඩාවැටී තිබේ.

කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත.

මේ හේතුවෙන් මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව අවහිර වී පැවතිති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවිය.

(ඡායා : Accident 1st)

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට (ඡායා)

Published

on

By

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත්විය.

ඒ,  ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා සහභාගී විය.‍

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය තේරී පත් විය.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යි ශේන්හොන්ග් (Qi Zhenhong) මහතා මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාව හා චීනය, තම අසීරු අවස්ථාවලදී ඉතා මිත්‍රශීලීව අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම පිළිබදව ද සිහිපත් කළ ඒ මහතා චීන -ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මුඩුල්ලට සිය ශුභාසිංසන පළ කළේය.

සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්, නව සභාපති, ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, දීර්ඝ කාලයක් තිස්සේ චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ මිත්‍රශීලි සහයෝගය ඇගයීමට ලක් කළේය. විශේෂයෙන් අධ්‍යාපන හා වෙළද කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල චීනය සතු දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ සභාපතිවරයා ශ්‍රී ලංකා – චීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය. එමෙන්ම මෙහිදී පසුගිය චීන -ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා නියෝජිතයින් වෙනුවෙන් සංවිධානය කල වැඩසටහන් හා වැඩමුළු මෙම පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන මෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම අවස්ථව සඳහා විපක්ෂ නායකතුමන්, අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

K8 ප්‍රහාරක යානයක් වාරියපොලට කඩා වැටෙයි!(ඡායා)

Published

on

By

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ.

කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.

එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

(ඡායා : Accident 1st)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved