Connect with us

ඡායාරූප සටහන

වසරකට ලාංකික සිසුසිසුවියන් 1200කට චීනයෙන් ශිෂ්‍යත්ව හා පුහුණුවීම් අවස්ථා – චීන තානාපති (ඡායා)

Published

on

චීනය මේවන විට සෑම වසරකදීම ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට අධික සංඛ්‍යාවකට පූර්ණ ශිෂ්‍යත්ව, එක්වර ශිෂ්‍යත්ව සහ කෙටි කාලීන පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට පසුගියදා කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකදීය.

මෑත වසරවලදී, දෙරට අතර සෑම තරාතිරමකම හුවමාරු කිරීම් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, දේශපාලනය, ආර්ථිකය, වෙළඳාම සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව අඛණ්ඩව ගැඹුරු වී ඇතැයි ද ඔහු කීය.

චීන රජය ශිෂ්‍යත්ව පිරිනැමීම ආරම්භ කළ 1975 වසරේ සිට මෙරට සිසුසිසුවියන් 4,000 කට ආසන්න පිරිසකට චීනයේ අධ්‍යාපනය ලැබීමට අනුග්‍රහය දක්වා ඇතැයි ද ඔහු හෙළිකළේ​ය.

අගෝස්තු 16දා පැවති 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට, ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතාට අමතරව ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය – ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙන්ම අමාත්‍යංශයේ නිලධාරීන්ද එක්ව සිටියහ.

මෙම වසරේ, ශ්‍රී ලංකාවෙන් සිසු සිසුවියන් 30 දෙනෙකු හට (ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි හා මූලික උපාධි සඳහා) පිරිනමා ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය – ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් පුරාවට පවතින සබඳතා සිහි කළ අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා,  මෙම සිසුසිසුවියන් ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවට එහිදී සිය ස්තූතිය පළ කර සිටියේය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ චීනය සිය ඉල්ලීමකට අනුව මෙර‍ට පාසල් සිසුසිසුවියන් මිලියන 4.1ක ප්‍රමාණය සඳහා 2023 වසරට පාසල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට කටයුතු කළ බවත්, පසුව තමා 2024 සඳහා ද නොමිලේ පාසල් නිල ඇඳුම් ඉල්ලා සිටි බවත්, එයටද මෙරට සිටින චීන තානාපතිවරයාගේ සහයෝගය මත 80% ක ප්‍රමාණයක් නොමිලේ ලබාගත හැකිවූ බවයි.

එසේම තමා 2025 සඳහා ද නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා ගැනීමට චීන මහජන සමූහාන්ඩුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ද එයට ද මේවන විට කොළ එළියක් දැල්වී ඇතැයි අමාත්‍යවරයා කීය. 

මෙවර එහි සියයට සියයම නොමිලේ ලැබෙනු ඇතැයි තමා අපේක්ෂිත බවද ඔහු කීය.

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන් මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම ලබන බවද ඔහු එහිදී අවධාරණය කළ‍ේය.

එසේම තමා චීන මහජන සමූහාන්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබා ගැනීමට ද සමත්ව ඇතැයි ඔහු කීය. ඒ මෙරට සිසුසිසුවියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට බවද අමාත්‍යවරයා පැවසීය. ඉන් දිවයින පුරා පාසල් 1250 ක් ජාලගත කළ හැකිව ඇතැයි ඔහු සඳහන් කළේය.

(ඡායා : කැළුම් ශිවන්ත)

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved