Connect with us

ඡායාරූප සටහන

සිසුසිසුවියන් 100කට චීන තානාපති ශිෂ්‍යත්ව ; 2025ට නිල ඇඳුම් රෙදිත් චීනයෙන් (ඡායා)

Published

on

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට  තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා විද්‍යාලයේ සිසුන් සිය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්  නොවැම්බර් 01 දා සිදුකෙරුණු අතර, මේ සඳහා තානාපති කාර්යාලය විසින් රු. මිලියන 2.5ක් ප්‍රදානය කර තිබුණි.

මෙම උත්සවය අමතමින් චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ 2016 වසරේදී ආරම්භ වූ චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට ලංකාව පුරා පාසල් 20කට වැඩි ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන බවයි.

2023 හා 2024 යන වසර වලදී ලාංකික සිසුන් සඳහා අවශ්‍ය වූ පාසල් නිල ඇඳුම් රෙදි වලින් පිළිවෙළින් 70%ක් හා 80%ක් චීනය විසින් පරිත්‍යාග කළ බව සඳහන් කළ තානාපතිවරයා, 2025 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවද පැවසීය.

රු. බිලියන 5.2ක වටිනා මීටර් මිලියන 12කට ආසන්න මෙම රෙදි තොගය, මේ වසර අවසන් වීමට පෙර අදියර තුනක් යටතේ කොළඹට ගෙන්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

මීට අමතරව, චීන මධ්‍යම රජය, පළාත් රජයන් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිසුන් දහස් ගණනකගේ ඉගෙනීමට අවශ්‍ය පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුළු වෙනත් දෑ පරිත්‍යාග කර ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙරට පුරා පාසල් 500ක ස්මාර්ට් පන්ති කාමර 900 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් තානාපතිවරයා පැවසීය.

මෙම පියවර වලින් ලංකාවේ සිසුසිසුවියන් මිලියනයකට අධික පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයිද චී මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට නව ජනාධිපතිවරයාගේ ප්‍රබල නායකත්වය යටතේ නව යුගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට, චීනය යනු සැබෑ මිතුරෙකු පමණක් නොව විශ්වාසනීය හවුල්කරුවෙකු ද වන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවයට තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ඌව පළාත් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විද්‍යාලයේ සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ ආදි සිසුන්ද එක්විය.

ඡායාරූප සටහන

ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

“සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Published

on

By

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (14) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් සභාවක ඒ ජනතාව, ඒ නගර සභාව බාරදෙන්න ඕනේ කියලා කල්පනා කරන ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නෑ කියලා තෝරා ගන්නා ලද ව්‍යාපාර තියෙනවා. 

ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න. 

දැන් කට්ටිය කියනවා අපේ ජනවරම ශූන්‍ය වෙලා ලු. මම ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දයක් පාර්ලිමේන්තු ඡන්දයට දාලා ගණන් හැදුවත් 122ක් තියෙනවා. කොහේද ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. එතැන තමා ජනවරම තියෙන්නේ. ඒ නිසා ජනවරමට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. 

ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන්ම අපි වැඩකරන්න ලෑස්තියි. හදලා පුළුවන් නම් මාස තුනක් හතරක් යන්න. එච්චරයි කියන්නේ. නීතිය මදිනම් තුනෙන් දෙකක් තියෙනවා. 

සුන්බුන් කොහොමද ජනවරමට අභියෝග කරන්නේ. එහෙම කරනවා නම් අපි ආණ්ඩු නෙමෙයි.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved