Connect with us

ඡායාරූප සටහන

අපිට දැන් අවශ්‍ය ජාතික සමඟිය ඇති කිරීමයි – කරූ (ඡායා)

Published

on

හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.

කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.

මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට පමණක් වන අතර එනම් එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය සයවෙන්නෙකුට ලබාදිය නොහැකිය. ඉහත සීමාව ඉක්මවා නොයන පරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ද මෙම සම්මානය පිරිනැමීමට හැකියාව පවතියි.

අවසන් වරට 2017 වසරේ දී ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් සිදුකරන ලද අනභිබවනීය මෙහෙවර උදෙසා ඩබ්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන මහත්වරුන් ද, ආතර් සී. ක්ලාක්, ලක්ෂ්මන් කදිරගාමර්, ඒ.ටී. ආරියරත්න, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රි යන මහත්වරුන් ද “ශ්‍රී ලංකාභිමාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබ ඇත.

සම්මාන පිළිගැන්විමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ කරු ජයසූරිය මහතා කියා සිටියේ තම දේශපාලන ජීවිතය තුළ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බවත්, තමා කිසිදු නීති විරෝධී කටයුත්තක් නොකළ බවත්ය.

තවද ඔහු පවසා සිටියේ මෙම අවස්ථාවේ සිදු කළ යුතුව ඇත්තේ ජාතිවාදී අරගල කිරීම නොව ජාතික සමඟිය ඇති කිරීමට කටයුතු කිරීම බවයි.

“මං විශ්වාස කරනවා මගේ ජාතිය මගේ ආගම, මං ඉල්ලාගත්ත දෙයක් නෙමෙයි, ඒ නිසා මේ කරුණ යටතේ අපිට ජාතිවාදී අරගල ඇතිකරන්න අවශ්‍ය වෙන්නෑ. මරාගන්න ඕන නෑ. ගහගන්න අවශ්‍ය වෙන්නෙ නෑ… අපිට අවශ්‍ය වෙන්නෙ දැන් මේ රටේ ජාතික සමඟිය ඇති කරලා… ඒ ප්‍රතිපත්ති එකඟත්වය ඇති කරලා අපි පුළුවන්නම් ඊළඟ පරපුරට මේ දැන් තියෙන ප්‍රශ්‍ණ භාර නොදී ඊළඟ පරපුරට සුඛිත මුදිත ජීවිතයක් ගතකරන්න පුළුවන්නම් ඒක තමයි අපේ ප්‍රධාන යුතුකම..”

වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර අත්වැල් බැඳගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස ද ඒ මහතා පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේය.

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved