ඡායාරූප සටහන අවසන් රන්දෝලි පෙරහැරට ජනපති යයි (ඡායා) Published 2 years ago on August 31, 2023 By editor මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (30) ඒක්ව සිටියේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියහ. ඊයේ (30) රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් ආරම්භ කළ ඇසළ පෙරහර දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීම සිදු විය. ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට පෙරහර ගමන් කළ මග දෙපස අතිවිශාල ජනතාවක් රැස්ව සිටීම ද විශේෂිතය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!