ඡායාරූප සටහන

ඉන්දීය රජය පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කරයි

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ‘සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි’ යන මැයෙන් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවක් 2024 ඔක්තෝබර් 23 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා මේ සඳහා සහභාගී වූ අතර බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් මෙම විද්වත් සාකච්ඡාව සංවිධානය කර තිබිණ.

ගංගාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් සමාරම්භක දේශනය සිදු කළ අතර ඉන් අනතුරුව විද්වත් සාකච්ඡාව පැවැත්විණ. මෙම විද්වත් සාකච්ඡාව සදහා බුද්ධ ගයාවේ දකුණු  බිහාරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද් සිං මහතා (එතුමා වීඩියෝ ඉදිරිපත්කිරීමක් ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය), පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍යමිරිස්වත්තේ විමලඥාන හිමිපාණන්, ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යගෝනදෙණියේ පඤ්ඤාරතන හිමිපාණන්, කැළණි විශ්ව විද්‍යාලයේ
පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක හිමිපාණන් සහ කොළඹ විශ්ව විද්‍යාල‌යේ බෞද්ධ
අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්යපූජ්‍ය එම්. සුගතසිරි හිමිපාණන් සහභාගී වූහ.

විද්වත්හු මෙම සාකච්ඡාව අතරතුරදී විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලෝකයට දායද කිරීමෙහිලා පාලි භාෂාවේ වැදගත්කම අවධාරණය කළහ. ශ්‍රී ලාංකික විද්වත්හු පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමේ ඉන්දීය රජයේ සුවිශේෂි තීරණය අගය කළ අතර එය බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීමේ පිළිඹිබුවක් බව සඳහන් කළහ. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක්
ලෙස නම් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංඝ සහ විද්වත් ප්‍රජාවන් විසින් තවදුරටත් පාලි භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමටඅවස්ථාවන් විවර කරනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. 

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ නේපාලය වන රටවල් වලින් භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. 2024 ඔක්තෝබර් 17 වන දින පැවති ජාත්‍යන්තර  අභිධර්ම දින උත්සවයේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය ශක්තිමත් කරමින්, මෙම සාකච්ඡා පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම්  කිරීම සාමය, සහානුකම්පාව සහ මනුෂ්‍ය වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසාබුදුන් වහන්සේගේ පණිවිඩය එහිනිර්මලත්වය රැකගනිමින්  පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යාම සඳහා මහෝපකාරී වනු ඇති බව විද්වත් සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

Trending

Exit mobile version