ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබුණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4කින් යුක්ත වේ.
එහි අණදෙන නිලධාරී Commander Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද එම විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.
‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට නියමිතව ඇති අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.
සිය නිල සංචාරය නිමා කරමින් මෙම සබ්මැරීනය අගෝස්තු 04දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.