ඡායාරූප සටහන ඊයේ සිදුවූ පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලොව දුටු හැටි (ඡායා) Published 3 years ago on November 9, 2022 By editor පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමට ඕස්ට්‍රේලියාවේ ස්ටැන්වෙල් උද්‍යානයට රැස් වූ පිරිස් (ඡායාරූපය: Dean Lewins/EPA) ඊයේ (08) දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වුනු මෙය, 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය විය. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 දා ය. රතට හුරු චන්ද්‍රයා හා එම චන්ද්‍රග්‍රහණය උතුරු ඇමෙරිකාවේ සිට පැසිෆික් කලාපය දක්වා දිස් වුවද, යුරෝපයට දිස් නොවිනි. ලොව විවිධ රටවල් වලට මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අන්දම පහත දැක්වේ. සමස්ථ චන්ද්‍රග්‍රහණ ක්‍රියාවලිය නිරිත දිග දකුණු කොරියාවේ ග්වංග්ජු නුවරට දිස් වූ අයුරු (ඡායාරූපය: Yonhap/EPA) ඉන්දියාවේ කොල්කටා නුවරට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු (ඡායාරූපය: Piyal Adhikary/EPA) මියන්මාරයේ යැන්ගොන් හි ශ්වේදගොන් පැගෝඩාවාට ඉහළින් පැයූ සඳ (ඡායාරූපය: Thein Zaw/AP) ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ පිහිටි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට ඉහළින් පායා ඇති රත් පැහැ සඳ (ඡායාරූපය: Gary Hershorn/Getty Images) වෙනසුවේලාවේ කැරකස් අගනුවර මහජන චතුරස්‍රයක ඇති නත්තල් සැරසිලි අතරින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Matias Delacroix/AP) චීනයේ බෙයිජිං අගනුවර තහනම් නගරයේ පිටත තාප්පයේ ඇති කෙළවර කුළුණක පසුපසින් පෑයූ රත්පැහැ සඳ (ඡායාරූපය:Mark Schiefelbein/AP) ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පෑයු සඳ (ඡායාරූපය: Getty Images) ජපානයේ තෝක්යෝ අගනුවර සෙන්සෝජි පන්සලේ වහලට ඉහළින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: EPA) එල් සැල්වදෝරයේ අගනුවරට දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Reuters) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි