ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.
රුහුණු මහා කතරගම දේවාලයේ බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.
ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සඳහා ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන ද සහිත වේ.
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය.
පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලඥ්ඥයකු සහභාගි කර නොගැනීම විශේෂිතය.
අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු ලැබූ අතර මෙම වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර ඇත.
(ඡායාරූප : රුහුණු මහා කතරගම දේවාලයේ ෆේස්බුක් පිටුව)