ඡායාරූප සටහන

‘කළු ජනවාරිය සැමරුම’ දා

Published

on

මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව පෙරට’යන තේමාව යටතේ ‘කළු ජනවාරිය සැමරුම’ 24 සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්විණි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ඩී සිල්වා මහතා ඇතුලු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මගින් මෙය සංවිධානය කොට තිබුණි.

ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු නොවූ පසුබිමක් තුළ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ විද්වතුන් සමග එක්ව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව, වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ‘කළු ජනවාරිය සැමරුමේ විද්වත් සාකඡ්ඡාවක් පැවැත්විණි.

ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමෙන් පසු විද්වත් සාකච්ඡාවක් ඇරඹි අතර ඒ සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී හනා ඊබ්‍රහීම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නවරත්නම් පරමේෂ්වරන් සහ ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

(පුවත  : ලංකාදීප / ඡායා : සන්ඩේ ටයිම්ස්)

Trending

Exit mobile version