කෘත්‍රීම බුද්ධිය (ඇඓ) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (17) සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් දක්වන ලදී.
මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .