25 වැනි වරට කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ” සඳහා අද (28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූයේය.
දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ කෙටි පිළිසඳරකද නිරත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.