ඡායාරූප සටහන

ගාන්ධි ජයන්තිය කොළඹ දී සැමරේ

Published

on

මහත්මා ගාන්ධිතුමාගේ 155 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 ඔක්තෝබර් 02 වන දින උදෑසන කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහත්මා ගාන්ධිතුමාගේඋඩුකයපිළිරුවටමල්මාලා පළඳා උපහාර පුද කළහ. මෙම උත්සවයෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු විය.

මෙම උඩුකය පිළිරුව මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් 2019 වසරේදී තිළිණ කරන ලද්දකි. මහත්මා ගාන්ධිතුමා භාවනාමය ඉරියව්වකින් දැක්වෙන අඟල් 42ක් උස තඹ පිළිරුව පද්ම භූෂණ් සම්මානලාභී රාම් වංජි සුතර් මහතා විසින් නිර්මාණය කර ඇත. ලොව උසම තඹ පිළිරුව වන ගුජරාටයේ කේවඩියා හි සර්දාර් වල්ලභායි පටෙල්තුමාගේ පිළිරුව නිමවා ඇත්තේ ද සුතර් මහතා විසිනි.

ශ්‍රී ලංකා ඉන්දීය සමාජය (SLIS) විසින් කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික
මධ්‍යස්ථානය හා එක්ව සංවිධානය කරනු ලබන ගාන්ධි දේශනයක් අද පස්වරුවේ පැවැත්වෙනු ඇත.⁣ මෙමදේශනයඉන්දියාවේහිටපුශ්‍රීලංකාමහකොමසාරිස්ඔස්ටින්ප්‍රනාන්දුමහතාවිසින්   සිදුකරනුඇත.

ගාන්ධිජයන්තිය නිමිත්තෙන් SLIS විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහන මහත්මා ගාන්ධිතුමාගේ සර්වකාලීන ඉගැන්වීම් සහ වත්මන්
ලෝකයට ඒවායේ අඛණ්ඩ අදාළත්වය පිළිඹිබු කරන වේදිකාවක් ලෙස මහඟු මෙහෙවරක් ඉටු කර ඇත.

Trending

Exit mobile version