ඡායාරූප සටහන චීනයෙන් හදිසි විධාන හා සන්නිවේදන පද්ධති රථ පෙලක් (ඡායා) Published 2 years ago on August 23, 2023 By editor වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙල’ (මෝටර් රථ 11) ඊයේ (අගෝස්තු 22) යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කළ උත්සවයකදී නිල වශයෙන් භාරගන්නා ලදී. වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ජෝව් බෝ මහතා අතින් මෙම පරිත්‍යාග භාර ගැනීමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත භාර දුන් අතර, එහිදී ඔහු සංකේතාත්මකව එහි යතුරු යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගැන්වීය. මෙහිදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ වාහන පරීක්‍ෂා කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ජෝව් බෝ රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඉදිරියේදී අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමට ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරයි. උත්සවයේ කටයුතු අවසන් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ජෝව් බෝ වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සහ උත්සවය සංකේතවත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. default Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්10 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!