ඡායාරූප සටහන චීනයේ වියළි සලාක මලු යාපනයේ බෙදා හැරේ (ඡායා) Published 2 years ago on December 29, 2022 By editor චීනයෙන් ප්‍රදානය කරන ලද වියළි සලාක මලු බෙදා දීමේ උත්සවයක් අද (29) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. චීන ජනතාව විසින් මෙරට ජනතාව වෙත සිදුකර ඇති මෙම පරිත්‍යාගය බෙදාහැරීම ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති – හූ වෙයි මහතා, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන නිලධාරී – ලුඕ චොන්ග් මහතා හා එම තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් – වූ වන්චංග් මහතා, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ යාපන ශාඛාවේ ප්‍රධානී – කේ. බාලක්‍රිෂ්ණන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් – කනපතිපිල්ලේ මහේසන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් – එස්.එම්. සමන් බන්දුලසේන සහ යාපනය මහ නගර සභාවේ කොමසාරිස් – තණබාලසිංහම් ජයසීලන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. (ඡායා : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්11 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!