ඡායාරූප සටහන

චීනයේ Y-12-IV යානා 2ක් ගුවන් හමුදාවට (ඡායා)

Published

on

චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීන හාබින් Y-12-IV යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දී තිබේ.

ඒ, අද (05) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවති උත්සවයකදීය.

මෙම යානා භාරගැනීම සංකේතවත් කරන ලිපිලේඛන වලට අත්සන් තැබීමට ගුවන් හමුදාපති – එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා හා චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ ඩ’න් ලිං මහතා එක්විය.

මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි – සාගල රත්නායක මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් – ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති – වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, හා චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ගුවන් හමුදාපති – එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා, හාබින් Y-12 IV යානා මගින් ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව පෙන්වා දුන් අතර, උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා සිය කෘතඥතාව පළ කළේය.

(මූලාශ්‍රය හා ඡායා : ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෙබ් අඩවිය)

Trending

Exit mobile version