ඡායාරූප සටහන ජනපති අනුරගෙන් මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාර Published 3 months ago on January 15, 2025 By editor චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය. අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago දිවයින පුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් පුවත්6 days ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්2 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි විදෙස්5 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්6 days ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.