ඡායාරූප සටහන

ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානට වසර 40ක් සපිරේ(ඡායා)

Published

on

ජපානයේ  ඉදි වූ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පසුගිය දා (02) විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස  නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ජපාන පාර්ලිමේන්තුවේ කතෝරි ප්‍රදේශයේ මහජන නියෝජිත යතගාවා හජීමේ මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද කතෝරි නගරාධිපති Maeda masayuki මහතා ද ජපානයේ මහායාන විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා ද ජපානය වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද විශාල පිරිසක් එක් වූහ.

මෙම අවස්ථාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවිඩ එක්කර තිබිණි.

ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානය 1984 මැයි මස 24 වැනි දින එවක ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන  මහතා විසින් විවෘත කරන ලදී.

සවරා ලංකජී විහාරය පිළිබඳව නිර්මාණය කළ වෙබ් අඩවිය ජනගත කිරීම සහ ලංකජී විහාරය පිළිබඳ ඉන්දියාවේ ජෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්දිකි මහතා රචනා කළ ග්‍රන්ථය බානගල උපතිස්ස නා හිමියන්ට සහ පැමිණි ආරාධිතයන්ට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

Trending

Exit mobile version