Connect with us

ක්‍රීඩා

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුවීම් වලට රදැල්ල ක්‍රීඩාංගණය විවෘත වේ

Published

on

අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංක කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය පුහුණුවීම් සඳහා යොදා ගන්නා බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටියි.

ක්‍රීඩාංගණයේ හිමිකරුවා ලෙසින් ක්‍රියා කරන දිඹුල ක්‍රිකට් හා මළල ක්‍රීඩා සමාජයෙහි එකඟතාව මත මෙම ක්‍රීඩාංගණය ජනසතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

ක්‍රීඩාංගණයේ කළමණාකාරීත්වය සඳහා 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති අතර එහි ප්‍රධානීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ හා පහසුකම් කළමණාකරු ගොඩ්ෆ්‍රී දබරේරා මහතා කටයුතු කරයි.

මෙම ක්‍රීඩාංගණයේ තණනිලි 4 කින් යුක්ත අතර පුහුණුවීම් කටයුතු වෙනුවෙන් අමතර පැති විකට්ටු 5කින්ද යුක්ත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16දා) මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන අතර නවසීලන්ත තරග සංචාරයට පෙර සතියක කාළයක් මෙහි පුහුණුවීම් කටයුතු සිදුකිරිමට නියමිතය.

1856 වර්ෂයේදී මුලින්ම ගොඩනගන ලද මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ උසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩාංගණයද වේ. එය මුහුදු මට්ටමේ සිට අඩි 4200 කින් යුක්ත වේ.

මෙහි පසුගිය සතියේදී පුහුණු තරගයක්ද පැවැත්විණි.

ක්‍රීඩා

IPL කිරුළ Royal Challengers Bengaluru කණ්ඩායමට

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (03) අවසන් මහා තරගය පැවැත්විණි.

එහිදී IPL කිරුළ හිමි කර ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 06කින් Punjab Kings කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඊයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 190ක් රැස් කරගැනීමට සමත් විය.

එහිදී පන්දුවට පහරදුන්, Virat Kohli ලකුණු 43ක්ද, නායක Rajat Patidar ලකුණු 26ක්ද, Liam Livingstone ලකුණු 25ක්ද, Mayank Agarwal සහ Jitesh Sharma ලකුණු 24 බැගින්ද රැස් කලහ.

පන්දු යැවීමේදී Punjab Kings කණ්ඩායමේ Arshdeep Singh සහ Kyle Jamieson කඩුළු තුන බැගින්ද, Azmatullah Omarzai, Vijaykumar Vyshak සහ Yuzvendra Chahal එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අනතුරුව ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කය සහිතව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 184ක් පමණි..

එහිදී, Josh Inglis ලකුණු 39ක්ද, Prabhsimran Singh ලකුණු 26ක්ද, Priyansh Arya ලකුණු 24ක්ද, Nehal Wadhera ලකුණු 15ක්ද රැස් කලහ

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Shashank Singh නොදැවී ලකුණු 61ක් රැස් කලේය.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Krunal Pandya කඩුළු 02 බැගින්ද, Yash Dayal, Josh Hazlewood සහ Romario Shepherd එක් කඩුල්ල බැගින් දවාගත්හ.  

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading

ක්‍රීඩා

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

Published

on

By

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.

දෙවන වරට ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්ව තිබේ.

ඔවුන් පළමු වරට 2014 වසරේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල හමුවේ පරාජයට පත්වුණි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම 2009, 2011 හා 2016 යන වසරවල දී ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඔවුන්ට ශූරතාවය හිමිකර ගැනීමට නොහැකි වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved