ඡායාරූප සටහන

නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපති වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි  තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද, ජපානයේ නව තානාපතිවරයා ලෙස ඉසොමතා අකියෝ (ISOMATA Akio) මහතා ද මෙලස පත්ව සිටින අතර ඔවුහු සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහකට ද එක් වූහ.

Trending

Exit mobile version