ඡායාරූප සටහන

මෙරට සිසුසිසුවියන් 34කට චීනයෙන් ශිෂ්‍යත්ව (ඡායා)

Published

on

2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (03) කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය – ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙන්ම අමාත්‍යංශයේ නිලධාරීන්ද එක්විය.

මෙම වසරේ, ශ්‍රී ලංකාවෙන් සිසු සිසුවියන් 34 දෙනෙකු හට (ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති උපාධි හා මූලික උපාධි සඳහා) චීනයේ පළාත් හා ප්‍රධාන නගර 16ක ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල 30 කට අධික සංඛ්‍යාවකට ඇතුළත් කරගෙන ඇති බව තානාපති කාර්යාලය පවසයි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා, ශිෂ්‍යත්වලාභීන් හට පවසා සිටියේ ඔවුන් ශ්‍රී ලංකාවේ අනාගතය සහ බලාපොරොත්තුව බවත් චීනයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවත්ය. දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය සඳහා ලබා දෙන ශක්තිමත් සහයෝගය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අමාත්‍යවරයාටද තානාපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

චීනය – ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් පුරාවට පවතින සබඳතා සිහි කළ අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා,  මෙම සිසුසිසුවියන් ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවට සිය ස්තූතිය පළ කර සිටියේය.

1975 සිට චීන රජය විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මෙරට සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දී ඇති අතර, සියලුම සිසුන්ට පර්යේෂණ ගාස්තු, රක්ෂණ ගාස්තු, මූලික පෙළපොත් ගාස්තු, නවාතැන් ගාස්තු, ජීවන වියදම් ඇතුළු සම්පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

Trending

Exit mobile version