සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 08) පෙ.ව. 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සොහාන අභියසදී පැවැත්වුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාව 2009 ජනවාරි 08දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කෙරුණු අතර, වික්‍රමතුංග මහතාගේ ඝාතකයා කවුදැයි අදටත් අවසන් තීන්දුවකට පැමිණීමට හැකිවී නැත.
සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බවට චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග 2019 අප්‍රේල් මාසයේදී අමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ද ගොනු කළාය.
මේ අතර, X පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පවතින දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙසයි.
(ඡායාරූප : මේරිඈන් ඩේවිඩ් ගේ X පිටුව)